Breaking News

ලෙබනනයේ පුපුරා යාම න්‍යෂ්ඨික අවි ප්‍රහාරයක් දැයි සැකයක්!






ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිපිරීමෙන් 3750 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ලෝකයේම අවධානයට නතු වූ මෙම පිපුරුමත් සමඟ එරට අග්‍රාමත්‍යවරයා එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි ඩේලිමේල් වාර්තා කරන්නේ.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය පමණක් නොව ප්‍රතිවාදීන් වන ඊශ්‍රායලය පවා මේ අවස්ථාවේ මේ රටට ආධාර ලබා දීමට ඉදිරිපත්ව ඇති අතර, වෛරස් අර්බුදය හමුවේ මෙම ප්‍රහාරය එල්ල වීම නිසා ඔවුන් දරුණු ආගාධයකට වැටී සිටිනවා.

ඇසින් දුටුවන් මෙය න්‍යෂ්ඨික පුපුරා යාමකට සමාන කරන අතර, මූලික පර්යේෂණ සිදුකළ විශේෂඥයින් කියා සිටියේ වසර හයක් තිස්සේ වරායේ ගබඩාවක ගබඩා කර තිබූ රාජසන්තක කළ ඇමෝනියම් නයිට්රේට් 2,750ක් පමණ යොදාගෙන මෙය සිදු කරන්නට ඇති බවයි.

සාමාන්‍ය ආරක්ෂක ප්‍රධානී අබ්බාස් ඉබ්‍රාහිම් මීට පෙර කියා සිටියේ 'අධික පුපුරන ද්‍රව්‍ය' වසර ගණනාවකට පෙර රාජසන්තක කර ඇති බවයි.

ඇමරිකානු බලවතා වූ ට්‍රම්ප් ද පිපිරීම "දරුණු ප්‍රහාරයක්" ලෙස හැඳින්වූ අතර එක්සත් ජනපද ජෙනරාල්වරු එය "බෝම්බයක් හේතුවෙන්" ඇති වූ බවට තමාට පැවසූ බවයි, ට්‍රම්ප් කියා තිබුණේ.


3wqerwqe