Breaking News

වෙන්න ඕන දේ වෙලාවට වෙයි - විජේදාස රාජපක්ෂ

 

Proposed constitutional amendments stirs up the political arena



තමන්ගේ දේශපාලනයේ අනාගතයේදී සිදුවිය යුතු දේ නිසි කාලයට සිදුවනු ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අනාගතය දෙස අසුබවාදී ලෙස බැලිය යුතු නැති බවත් තමන්ට කණගාටු වීමට හේතුවක් නැති බවත් ඔහු පවසයි.

අංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

පක්‍ෂයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ ජනාධිපති ගේ වැඩ පිළිවෙල අනුමත කරමින් පළමු වතාවට කොළඹ දිස්ත්රික්කයේ ආසන 12ක් ලැබීම ඉතිහාසය ජයග්‍රහණයක් බව ද ඔහු එහිදී පැවසීය.

මෙවර මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන තිබෙන බව ඡන්ද ප‍්‍රතිඵලයෙන් පැහැදිලිව පෙනී යන්නේ දේ යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

මෙවර ඇමති මණ්ඩලය නම් කිරීමේදී විජේදාස රාජපක්‍ෂ මහතාට රාජ්‍ය ඇමති ධුරයක් යෝජනා වී තිබුණද ඔහු එය බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කලේය.