Breaking News

පැරදුනු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවතට?

 

Can Sri Lanka afford to feed 225 mouths? - The Morning - Sri Lanka ...




මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ මන්තී‍්‍රවරුන්ගේ ආරක්‍ෂාව ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඔවුන්ගේ ආරක්‍ෂාව ඉවත් කිරීමට පෙර මන්තී‍්‍රවරුන්ට තවදුරටත් ආරක්‍ෂාව ලබාදිය යුතු දැයි තක්සේරු වාර්තාවක් සකස් කිරීමටයි ආරක්‍ෂක අංශවල අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව පරාජයට පත් වූ මන්තී‍්‍රවරුන්ට ජීවිත තර්ජන තිබේද යන්න පිළිබද සහ ඔවුන්ගේ ආරක්‍ෂක තත්ත්වය පිළිබද කරුණු මෙහිදී සලකා බැලෙනු ඇති.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ හිටපු මන්තී‍්‍රවරුන්ට ලබාදෙන ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් ආරක්‍ෂක ලේකම්වරයා ද දැනුවත් කර ඇති බවයි.

අදාළ තක්සේරු වාර්තාව සකස් කිරීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා විසින් ඒ පිළිබද ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න වැඩිදුරටත් පැවසුවේ. 

ඉකුත් මහ මැතිවරණයේදී පරාජයට පත් වූ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 71 ක්. ඉන් වැඩිම පිරිස වූ මන්තී‍්‍රවරුන් 07 දෙනෙකු පරාජයට පත් වූයේ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන්. පරාජයට පත් වූ බහුතරය එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ මන්තී‍්‍රවරුන් වනවා.