Breaking News

දිවයිනේ සියලු රජයේ පාසල් අද සිට විවෘත වෙයි!

 

How many Students attend Schools in Sri Lanka?




දිවයිනේ සියලු රජයේ පාසල් අද යළි විවෘත වෙනවා. ඒ අනුව සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව විශේෂ ක්‍රමවේදයක් යටතේ පාසල් විවෘත කෙරෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල සියලු ශ්‍රේණිවල සිසුන් පාසලට පැමිණිය යුතු බවයි.

පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි 1 සිට 5 දක්වා පන්ති පැවැත්වෙන පාසල් සහ ද්විතීක පාසල්වල ප්‍රාථමික අංශ විවෘත වන්නේ පහත පරිදි ය.

ඒ අනුව ,

1 හා 5 ශ්‍රේණි, සඳුදා 

2 හා 5 ශ්‍රේණි, අඟහරුවාදා

3 හා 5 ශ්‍රේණි, බදාදා

4 හා 5 ශ්‍රේණි සිසුන් සඳහා බ්‍රහස්පතින්දා හා සිකුරාදා පාසල් විවෘත වෙයි


සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි ද්විතියික පාසල් විවෘත වන්නේ මෙසේ ය.

ඒ අනුව ,

6, 10, 11 , 12 හා 13 යන ශ්‍රේණි – සඳුදා

7, 10, 11, 12 හා 13 ශ්‍රේණි – අඟහරුවාදා

8, 10, 11, 12 හා 13 ශ්‍රේණි – බදාදා 

9, 10, 11, 12 හා 13 ශ්‍රේණිවල සිසුන්ට බ්‍රහස්පතින්දා හා සිකුරාදා පාසල් විවෘත වෙයි.


අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 6, 7, 8 හා 9 ශ්‍රේණි සඳහා පාසල් කාලය උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා ප්‍රකාශයට පත් කර ඇති බවයි.

10, 11 , 12 හා 13 ශ්‍රේණි සඳහා උදෑසන 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්විය යුතු බව එම අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ, අද සිට අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු බවයි.

පස්වරු 3.30 දක්වා කාලසටහන් හිමි ගුරුවරුන් හැර සෙසු ගුරුවරුන්ගේ රාජකාරි වේලාව උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, කොරෝනා වසංගත තත්ත්වය පාලනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරන තුරු කිසිදු පාසලක ආපන ශාලා විවෘත කිරීමට අවස්ථා නොදෙන බවයි.

මේ අතර නිර්දේශ කර ඇති සෞඛ්‍ය ක්‍රමවේදයන් තවදුරටත් ඒ ආකාරයෙන්ම පිළිපදින ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.