Breaking News

අමාත්‍යාංශවලට අලූතින් කුලී ගොඩනැඟිලි වාහන එපා !

 

Hambantota port deal will be renegotiated - President Gotabaya Rajapaksa



අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන සඳහා කුලී පදනම මත ගොඩනැඟිලි හා වාහන අලූතෙන් ලබා නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ.

පෞද්ගලික ගොඩනැඟිලිවල දැනට පවත්වාගෙන යන ආයතන හැකි තරමින් රජයේ ගොඩනැඟිලිවලට ගෙන යෑමට කටයුතු කරන ලෙස ද දැනුම් දී ඇත.

මැති ඇමැතිවරුන් හා රාජ්‍ය ආයතන සඳහා අලූතින් වාහන මිලදී ගැනීම ද රජය විසින් නතර කරන ලදී.

වියදම් අඩු කිරීම සඳහා රජය මෙම පියවර ගෙන තිබේ.