Breaking News

බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත් කෙරේ!

 


President Gotabaya Rajapaksa optimistic on rebuilding economy ...



ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සහ බුද්ධ ශ‍්‍රාවක භික්ෂු විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශය යටතට පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. 

ඒ, මහා සංඝරත්නයේ ඉල්ලීම අනුවයි. ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවැති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 05 වන සභාවාරයේදී ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

රාජ්‍ය අමාත්‍යංශ ව්‍යූහය සකස් කිරීමේදී බෞද්ධ අනුශාසනා පාදක කරගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේදී තමන් ඉදිරියටත් මහා සංඝරත්නයේ මගපෙන්වීම අපේක්ෂා කරන බවයි.

දහම් පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාලවල උන්නතිය උදෙසා එම ආයතන එක් රාජ්‍ය අමාත්‍යංශයක ඍජු අධීක්ෂණයට පත්කළ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.