Breaking News

පවුල අතහැර අනියම් පහස සොයා ගිය මවට පොලිසියෙන් පාඩමක්

 




තම හය හැවිරිදි හා අට හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනාට හිතා මතා නොසළකා හැර සොර සැමියකු සමග යෑමට තත්කළ 27 හැවිරිදි මවක් පෙරේදා (19) දා අත්අඩංගුවට ගන්නා ලදැයි මින්නේරිය පොලිසිය පවසයි.

අරලගංවිල පදිංචි කාන්තාව ඉකුත් කොරෝනා සමයේ මඟහැරුණු ඇමතුමකින් හඳුනාගත් 37 හැවිරිදි පුද්ගලයකු සමග මිතුරු වී 30 හැවිරිදි තම සැමියා හා දරු දෙදෙනා අතහැර අනියම් සැමියා පදිංචි ගිරිතලේ, සතුටුගම ප‍්‍රදේශයට පැමිණ ඇත.

පසුව සැමියා සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු කාන්තාව සිටින ස්ථානය සොයාගත් පොලිසිය දෙපාර්ශ්වයම පොලිසියට ගෙන්වා ඇත. එම අවස්ථාවේ තමාට දරුවන් හා සැමියා එපා කියූ කාන්තාව අනියම් සැමියා සමග යෑමට අවශ්‍ය බව පවසා ඇත.

දරුවන්ට නොසැලකීම යටතේ අධිකරණයට ඉදිරිපත් කරනවා යැයි පොලිසිය කී විට සැමියා හා දරුවන් සමග යෑමට එකඟවූ කාන්තාව ඔවුන් සමග කදුරුවෙලට ගොස් තමන්ට වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා බසයෙන් බැස ගොස් නැවත අනියම් සැමියා සමග ගොස් ඇත.