Breaking News

සජිත්ගේ ජාතික ලැයිස්තුව එළියට?

 

We will not take a step back" ; Sajith Premadasa launches Samagi ...




මෙවර මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර 07 සඳහා නියෝජිතයින් පත් කිරීම මේ වනවිට අවසන් කර ඇති අතර ඒ පිළිබඳ එම පක්ෂය අද (13) මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිතව තිබෙනවා.

ඉකුත් දා සමගි ජනබලවේගයේ සාමාජික පක්ෂ සියල්ල ඒකමතිකව තීරණය කළේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර සම්බන්ධයෙන් වන අවසන් තීරණයට එළඹීමේ බලය පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හට පැවරීමටයි.

කෙසේවෙතත් මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ ප‍්‍රගතිශීලී සන්ධානය ඇතුළු සාමාජික පක්ෂ කිහිපයක් විසින් මන්තී‍්‍ර ධුර ඉල්ලා සිටීම හමුවේ මේවනවිට සමගි ජනබලවේගය තුළ හටගෙන ඇත්තේ දැඩි අර්බුධකාරී තත්ත්වයක්.

කෙසේවෙතත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක පැවසුවේ සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර 07 සඳහා පත් කෙරෙන නියෝජිතයන් අද නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරෙන බවයි.

සමගි ජනබලවේගය සිය ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර 07 සඳහා එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ඉමිතියාස් බාකීර් මාකර්, තිස්ස අත්තනායක, හරීන් ප‍්‍රනාන්දු, මයන්ත දිසානායක, ඉරාන් වික‍්‍රමරත්න සහ ඩයනා ගමගේ නම් කර ඇති බවටයි වාර්තා පළ වන්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ද තමන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරය සඳහා මෙතෙක් නියෝජිතයෙකු පත් කර නැහැ. හෙට (14) දිනයේ සිය ජාතික ලැයිස්තු නියෝජිතයා නම් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වන බවයි එක්සත් ජාතික පක්ෂය මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ.

හෙට මධ්‍යම රාතී‍්‍ර 12 ට පෙර ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර හිමිවූ පක්ෂ සිය නියෝජිතයින්ගේ නම් ඇතුළත් ලේඛණ සිය කොමිෂන් සභාව වෙත යොමුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉකුත් දා සිය ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර 17 සඳහා නියෝජිතයින් පත්කරනු ලැබුවා. ජාතික ජනබලවේගය ද තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරය සඳහා ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය නම් කළේ ඊයේ (12) දිනයේදීයි.