Breaking News

විදෙස් ගතව සිටි ලාංකිකයින් 299ක් දිවයිනට!

 



India to operate Mattala Airport for 40 years



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 299 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 02 කින් අද (13) දින අලුයම කටුනායක  සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

අද දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත  පැමිණි ගුවන් මගීන් 15 දෙනා අතුරින් 10 දෙනෙකු ශ්‍රී ලාංකිකයන්.

ඉතිරි 05 දෙනා ශ්‍රී ලංකාවේ සේවය කරන ඉතාලි සහ ප්‍රංශ තානාපති කාර්යාලයේ සේවය කරන  නිලධාරීන්.

මීට අමතරව අද දින අලුයම 5.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. 

මෙම පිරිස අතරින් 06 දෙනෙකු කුඩා දරුවන්.

මෙම ගුවන් මගීන් සියලු දෙනා එම ගුවන් තොටුපළවලදී PCR පරීක්ෂණ වලට යොමු කර තිබුණා.