Breaking News

ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබා දෙන්න!

 



No politics at places of worship -EC - Newsradio



මෙවර මහ මැතිවරණයෙන් ජයගත් සියලූ පක්ෂවලින් ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කරන නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලූ පක්ෂ වෙත දැනුම් දී තිබෙනවා.


එම නාම ලේඛන ලැබීමෙන් පසු මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුව ගැසට් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරුන්ගේ ලේඛනය ඊයේ මැතිවරණ කොමිසම වෙත යොමු කළා. සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා වෙමින් පවතින බවයි.