Breaking News

FB මඩ කරියන් රහස් පොලිසිය වෙතට!


Journalist who doesn't know the language gets CID order in Sinhala!



තමාට එරෙහිව සමාජ මාධ්‍යතුල සාවධ්‍ය ප්‍රචාරයන් කරණ අය නම් කරමින් ඔවුන් වහා අත්අඩංගුවට ගෙන දණ්ඩනීති සංග්‍රහයේ 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ විධිවිධාන ප්‍රකාරව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරණ මෙන් ඉල්ලා නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( CID) වෙත අද දින (31) ඉදිරිපත්කරණ ලදී.

එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

පරිසර විනාශය ප්‍රචණ්ඩත්වය කියන එක අවම වන අතරේ, සමාජ ජාල භාවිතා කරමින් දේශපාලකයන්ට අපහාස කිරීම පදනම් විරහිත චෝදනා නැගීම අලුත් ප්‍රවණතාවය බවට පත්වී තිබෙනවා. පෝස්ටර් සංස්කෘතියට තිත තැබූවා වගේම ප්‍රචණ්ඩත්ව සංස්කෘතියට තිත තැබුවා වගේම පොලිතීන් සංස්කෘතියටද තිත තැබුවා වගේම සමාජ ජාලා භාවිතා කර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමටද තිත තැබීමේ බලාපොරොත්තුවෙන් තමයි අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම සඳහා ආවේ.

මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල මා නොකළ ප්‍රකාශ කල බවට විකෘති කර යනවා, මගේ ගේ හඬ පට විදිහට විකෘති කළ හඬ පට ද විකාශනය වෙනවා. ඒ අතර අපේ දේශපාලකයන් අතර ගැටුම් ඇති කිරීමේ අසාර්ථක වෑයමක ද යෙදී සිටිනවා. විශේෂයෙන්ම විමල් වීරවංශ මහතා හා මා කොටවනවා වගේ කවදාවත් කරන්න බැරි දේවල් කරන්න ද උත්සාහ දරා තිබෙනවා.

මේවා පිටුපස සිටින ඇතැම් පුද්ගලයන් හඳුනාගෙන ඉවරයි. නම්වලින් ම කියනවා නම් තමන්ගේම ගිණුම් භාවිතා කරමින් මහේෂ් රංගන ජයරත්න, දමිත් දිල්හාන් පෙරේරා, තක්ෂිණ රවිෂාන් ගමගේ ඇතුළු පුද්ගලයන් විශාල පිරිසක් මේ විදිහට සමාජ ජාලාවල විකෘති කරන ලද හඬ පට, විකෘති කරන ලද ඡායාරූප සහ වැරදි තොරතුරු ප්‍රචාරය කරමින් සිටිනවා. ඒක දණ්ඩ නීති සංග්‍රහය වගේම 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ ද වරදක්. ඒ නිසා ඔවුන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරල ශීලාචාරව පැවති මේ මැතිවරණ ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා පොලීසියේ සහය ලබාගැනීම සඳහායි අද අප මෙහි ආවේ.

මැතිවරණයට ඇත්තේ තව දවස් කීපයක් නිසා ක්ෂණික පියවර අරගෙන මේ සමාජ ජාලවල අසත්‍ය තොරතුරු, විකෘති තොරතුරු පතුරවන සියලුම දෙනා වහාම අත්අඩංගුවට අරගෙන පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රියාදාමයට සාධාරණයක් ඉටු කරයි කියලා අප විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා.