Breaking News

සෞඛ්‍ය උපදෙස් නොතැකූ සම්භාහන මධ්‍යස්ථාන වලට වැඩ වරදී!


Four Hands Massage - Picture of Azmaara Spa, Colombo - Tripadvisor



බස්නාහිර පළාත තුළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන 5 ක් පොලීසිය වටලා තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශය සඳහන් කළේ බියගම, බොරලැස්ගමුව, මීගමුව සහ කොච්චිකඬේ යන ප්‍රදේශවල මෙම සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඒවායේ සේවය කළ කාන්තාවන් 14 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුද පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ පැළදීම සම්බන්ධයෙන් එක්ලක්ෂ 7,126 දෙනෙකු දැනුවත් කර ඉන් මුඛ ආවරණ පැළඳ නොසිටි 10,700 ක අවවාද කර මුදාහැරි බවද පොලිස් හදිසි ඇමතුම් අංශය සඳහන් කළා.