Breaking News

හිටපු මන්ත්‍රී මන්ත්‍රී ඇප මත නිදහස්!


Former MP Nimal R Peiris arrested by Police - Newsradio



තැපැල් ගාස්තු අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර්.පීරිස් මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු අද (19) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නිමල් ආර්. පීරිස් මහතා පෙර ලබාගත් නිදහස් තැපැල් මුද්‍රාවක් වෙනුවෙන් 2018 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඔහු විසින් ලිපි 7564 ක් පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ තැපෑලට යොමු කර තිබූ බවට තලවතුගොඩ තැපැල් ස්ථානාධිපතිවරයා විසින් තලංගම පොලිසියට කළ පැමිණිල්ලක් මත ඊයේ (18) පස්වරුවේ ඔහුගේ නිවෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය.

සිදු කළ සෝදිසි කිරීම්වලදී මුද්‍රා තැබීමට යොදා ගත් තැපැල් මුද්‍රා යන්ත්‍රය සහ සමගි ජන බලවේගයේ රැස්වීමක් සඳහා ඇරයුම් කිරීමට සකස් කළ ලිපි 3000 ක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට පත් නිමල් ආර්.පීරිස් මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) දහවල් ඉදිරිපත් කළ අතර එහිදී ලක්ෂ 50 ක් බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදා හැරීමට කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා නියම කළ බව වාර්තාවන්නේ.