Breaking News

මහේල ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට



දේශපාලන අරමුණක් උදෙසා මැතිවරණයක් ආසන්නයේ තිබියදී හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා කළ ප්‍රකාශය මේ වන විට සමාජය උඩු යටිකුරු කරමින් සිටී.ඒ අනුව 2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගය පාවා දුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කොට ඇත.
එහි මීළග ගොදුර ලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අමිල මෙහෙයක් සිදු කළ මහේල ජයවර්ධන මහතා 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට  (03දා) පෙරවරු 09.00ට කැඳවා තිබේ.
2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී මහේල ජයවර්ධන පන්දු 88කදී හතරේ පහර 13ක් සමගින් නොදැවී ශතකයක් (103) ලබාගැනීමට සමත් විය.
කෙසේ වෙතත් මෙම කටයුත්ත නිසා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන විශාල ජනතාවක් සමාජ මාධ්‍ය හරහා සිය විරෝධය පළ කරන ආකාරය දැකගත හැකි වී තිබේ.