Breaking News

තැපැල් ඡන්ද විමසීම තෙවන දිනටත්


Postal voting applications now open




2020 මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද(15) දිනයේදී 03 වන දිනටත් සිදු වනවා.

ඉකුත් දින දෙකේදී තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීව සිදු කෙරුණු බවයි මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ තැපැල් ඡන්දය ආශ්‍රිතව කිසිඳු බරපතල තත්ත්වයක් වාර්තා වී නොමැති බවයි.

ඒ අනුව සමස්ථයක් ලෙස බාධාවකින් තොරව එම කටයුතු සිදුවෙන බවද පෙන්වා දුන්නා. තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් එම කටයුතු සිදු කිරීමට හැකි වෙනු ඇති බවද සඳහන් කළා.