ඡන්දය පැත්තකින් තියලා ජනතාවට සහන ලබා දිය යුතුයි! - දුමින්ද දිසානායක

මැතිවරණය පසෙක තබා සියලු ජනතාවට සහන ලබා දියයුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු අපේක්ෂක දුමින්ද දිසානයාක මහතා පවසා සිටිනවා.
" මම හිතන්නේ මැතිවරණය කල්දානවද නැද්ද කියන එක මැතිවරණ කොමිසමේ රාජකාරියක්. අපි මේ වෙලාවේ ඡන්දය පැත්තකින් තියලා මේ අසරණ වෙච්ච ජනතාවට යම් කිසි සහනයක් ලබා දෙන්නත් මේ අය කොරෝනා උවදුරෙන් මුදවා ගන්නත් කටයුතු කරනවානම් හොඳයි.
දේශපාලඥයෝ විදිහට අපිට තියෙන්නේ මැතිවරණය කවදද තියෙන්නේ කියන එක නෙවෙයි. ඒක මැතිවරණ කොමසාරිස්ට භාර දීල මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය කරන සහයෝගය ලබා දිය යුතුයි. " යනුවෙන් ඔහු වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.