Breaking News

අංගොඩ ලොක්කා ගැහැණු මායමට හසුවෙයි! වස දී මරා දැමු හැටි මෙන්න


Angoda Lokka too arrested in Dubai



මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චමින්ද පෙරේරා විෂ ශරීර ගත කිරීමකින් මරණයට පත් වී ඇත. ඔහු මෙරටෙන් පැන ගොස් ඉන්දියාවේ සැඟවී සිටියදී මෙසේ විෂ ශරීර ගත කිරීමකින් ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

මෙසේ ඔහුට විෂ ශරීරගත කර ඇත්තේ කාන්තාවක විසින් බවත් ශක්තිජනක පානයකට වස වර්ගයක් මුසුකර ලබා පානය කරවීමට සැලසීමෙන් එසේ ඝාතනය කර ඇතැයි ද සඳහන්ය.

සතියක පමණ කාලයක් ඉන්දියාවේ බැංගලෝරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත්තේ පසුගිය 03 වෙනි දා ය.

මෙම මරණය සිදු කරවා ඇත්තේ මෙරට තවත් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු විසින් බවත් කාන්තාවක් ඉන්දියාවට යවා ඝාතනය සිදු කරවා ඇති බවත් වාර්තා වන අතර එම කාන්තාව ද අංගොඩ ලොක්කා විසින් ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ බිරිදක් යයිද පැවසෙයි.

එම කාන්තාව වරින් වර ඉන්දියාවට ගොස් අංගොඩ ලොක්කා මුණගැසී සමීප සබඳතාවක් ගොඩ නගාගෙන තිබූ බවද වාර්තා වෙයි.

අංගොඩ ලොක්කා මෙරට සිදුකරන ලද අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පොලීසියට අත්‍යවශ්‍යව සිටින පුද්ගලයෙකි.