Breaking News

පොදුජන පෙරමුණ ප්‍රචාරක රැළි නවතයි!


All set for SLPP national convention



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ලබන 13,14,15 යන තෙදින තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ සියලු ප්‍රචාරක රැලි අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඊට අමතරව මෙවර මහ මැතිවරණය සඳහා තරග කරන පොදුජන පෙරමුණු අපේක්ෂකයින් සංවිධානය කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ල ද සීමා කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරන අතර, යම් හෙයකින් කුඩා රැස්වීම් සහ හමුවීම් පවත්වන්නේ නම් ඒ්වා දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව පමණක් සංවිධානය කරන ලෙස ද දන්වා ඇත.