Breaking News

බැඳුම්කර වංචාව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත්ව සිදුවූවක් !




බැඳුම්කර වංචාව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත්ව සිදුවූවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඔහු පවසන්නේ බැඳුම්කර වංචාව රවී කරුණානායක මහතාගේද දැනුවත්වීම මත සිදු වූවක් බවය.
කැලණිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් සරත් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ පැවති මැතිවරණ පරාජයවීමට ද එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සිදු කළ ප්‍රකාශ හේතු වු බවය.
මේ අතර , බැඳුකර වංචාව සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වූවානම් හිටපු මන්ත්‍රිවරුන් බොහෝ පිරිසකට මෙවර මැතිවරණයට තරඟ කිරිමට හැකියාවක් නොමැති බව සුනිල් හදුන්නෙත්ති මහතා ඊයේ (30) පැවති ජනහමුවකදී පැවසීය.