Breaking News

කුරුණෑගල 13 සියවසේ රාජ සභා මණ්ඩපය කුඩු කර දමලා






කුරුණෑගල නගර මැද පිහිටි 13 සියවසට අයත් රාජ සභා මණ්ඩපය ඩෝසර් යොදා කඩා බිඳ දමා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස්වරයා පරීක්ෂණයක් කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

කුරුණෑගල නගර සභාව විසින් මෙම ගොඩනැගිල්ල තුළ හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කර කඩා දමා තිබේ.

කුරුණෑගල නගරාධිපතිවරයා සඳහන් කරන්නේ ගොඩනැගිල්ල පසුපස ඇති මාර්ගයක් පුළුල් කිරීම සඳහා මෙම කොටස කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය අවසර ලබා දුන් බවයි.

නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබා දීමක් සිදු කර නොමැති බව පුරාවිද්‍යා කොමසාරිස්වරයා සදහන් කරයි.