Breaking News

වෙළෙඳපළේ යළිත් කහකුඩු හිඟයක් !



වෙළෙඳපළේ යළිත් කහකුඩු හිඟයක් නිර්මාණය වි ඇති බව වාර්තා වේ.

කහ ආනයනය සීමා කිරීම් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය තුළ ඇතැම් වෙළෙඳුන් විසින් පාලන මිල ඉක්මවා පාරිභෝගිකයින් වෙත වැඩි මිලට කහ අලෙවි කරනබව ද සදහන්.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කළා.

එහිදි අදහස් දැක්වු එම අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ එවැනි වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.