Breaking News

නාග විහාරයේ බුදු මැදුරට ගල් ප්‍රහාරයක්..වීදුරු වලට දැඩි හානි !



යාපනයේ නාග විහාරයේ තොරණ ඉදිරිපස වූ බුදු මැදුරට ඊයේ රාත්‍රියේ (09) කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා බුදු මැදුරේ වීදුරු වලට දැඩි හානි සිදුව තිබෙනවා.

එල්ලවූ ගල් ප්‍රහාරයෙන් බුදු මැදුරේ වීදුරු වලට පමණක් හානි සිදුව ඇති අතර බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි සිදුව නොමැති බවයි  වාර්තා වෙන්නේ

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන තුරු කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.