Breaking News

පොහොට්ටු දේශපාලකයාගේ ඝාතනයට සම්බන්ධ රාජා වෙඩි පහරින් මරු දකී !



පාතාල නායක ගොනා කෝවිලේ රාජා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබෙනවා.
ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී...
මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ නිවසක මෙම සැකකරු සැඟව සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී  පොලිස් නිලධාරීන් හට වෙඩි තැබීමක් සිදු කර තිබුණා.
පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සැකකරු මිය ගොස් ඇති අතර ඔහු රංජන් සිල්වා ඝාතනය ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
 සැකකරු වයස අවුරුදු 50ක් වන සැකකරු රත්මලාන, මොරටුව ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවෙකු බවත් ඔහු විවිධ නම්වලින් පෙනී සිටි අයෙකු බවත් හඳුනාගෙන තිබෙනවා.