Breaking News

ගෝඨාගේ අත්සන ගහලා ගේමක් දෙන්න ගිය පොරක් මෙන්න !



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහ ලිපි ශිර්ෂ ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලිපි සකස් කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ති​​බේ.

ඒ ලංකා බැංකු මුලස්ථානයේ ප්‍රධාන කළමනාකරු විසින් සිදුකළ පැමිණිල්ලක් අනුවයි.

“වැඩ තහනමට ලක්ව ඇති ලංකා බැංකු සේවකයෙකු යළි සේවයේ පිහිටුවීම”යන මාතෘකාව යටතේ ජනාධිපතිවරයාගේ ලිපි ශීර්ෂයක එතුමාගේ අත්සන යැයි විශ්වාස කළ හැකි ආකාරයේ අත්සනකින් ද යුක්ත ලිපියක් ඉකුත් මැයි 28 වෙනිදා ලංකා බැංකු සභාපතිවරයා වෙත ලැබී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල, යන්තන්පලාව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.