Breaking News

නව "ඉන්දීය තානාපති" තනතුර මිලින්ද මොරගොඩට !




"මිලින්ද මොරගොඩ" ඉන්දීය නව තානාපතිවරයා ලෙස පත් කිරීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තුළින් වාර්තා වෙනවා.

"1964" උපන් මිලින්ද , කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හිටපු කැබිනට් අමාත්‍යවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර තිබෙන අතර  "අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ" අමාත්‍ය (2009-2010), "සංචාරක අමාත්‍ය" (2007-2009);  ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හා සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යධූරය දරා තිබෙනවා (2002-2004).

ඔහුගේ අවසන් දේශපාලන තනතුර වූයේ කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ උපදේශක තනතුරයි.

මිලින්ද මොරගොඩ දැඩි විශේෂ සම්බන්ධතා සහිත පුද්ගලයෙක් ලෙස ප්‍රකට වන අතර ඔහුට මෙම "ඉන්දීය තානාපති තනතුර" ලැබීමට එය රුකුළක් වී ඇති බවද කියවෙනවා.