Breaking News

කොරෝනාවට වඩා භයානක කරුණාට වැඩ වරදින හැටි !



එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනෙක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා  විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.
අම්පාර ප්‍රදේශයේ දී පැවති දේශපාලන රැස්වීමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කියා සිටියේ තමන් කොරෝනා වෛරසයට වඩා භයානක බවත් එල්ටිටිඊ සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී අලිමංකඩ යුධ හමුදා කඳවුරට සිදුකළ ප්‍රහාරයන් එක් රැයක් තුලදී හමුදා සාමාජිකයින් 2000-3000ක් අතර පිරිසක් ඝාතනය කළ බවයි.
ඔහු විසින් සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන කේෂ්ත්‍රයේ මෙන්ම සමාජය තුලද දැඩි කතාබහක් නිර්මාණය වූ අතර ඔහුට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කළ යුතු බවද කියා සිටියා.