Breaking News

හමුදාවේ තුන්දාහක් මැරුවා කියූ කරුණා ලෙඩ වෙයි !



අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණද විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, ඊයේ දිනයේද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ නැහැ.

ඔහුගේ නීතිඥයා දැනුම් දී ඇත්තේ අසනීප තත්ත්වයක් හේතුවෙන් කරුණා අම්මාන්ට ප‍්‍රකාශයක් ලබාදීමට නොහැකි බවයි. ඒ අනුව සුවය ලැබූ පසු ප‍්‍රකාශයක් ලබාදෙන බවයි කරුණා අම්මාන් පවසා ඇත්තේ.

ඔහු සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබද වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ පෙරේදා දිනයේයි.

ඒ අනුව කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇති බවයි පොලීසිය පැවසුවේ.