Breaking News

මේ වෙලාවේ මැතිවරණ අවශ්‍ය දේශපාලඥයින්ට මිස ජනතාවට නෙවෙයි

මේ අවස්ථාවේදී ඡන්දයක් උවමනා වී ඇත්තේ දේශපාලඥයින්ට මිස ජනතාවට නොවන බව හිටපු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසනවා.
vidura - I Lanka Newsඒ අද (13) දිනයේ සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙය ලංකාවට සීමා වූ ගැටළුවක් නොව ජාත්‍යන්තර වසංගත තත්වයක් බව අවබෝධ කර ගත යුතු බවත්, ලංකාවෙන් 100% ක් වෛරසය තුරන් කරත් පිට රටින් නැවතත් පැමිණීමේ අවධානම පෙර ලෙසම පවතින බැවින් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් ය.
මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කළහොත් දේශපාලඥයන් විසින් සමාජ දුරස්ථභාවය ඇතුළු සියලු නිරෝධායන රීතීන් කඩ කරමින් රැස්වීම් පැවැත්වීම, ගෙයින් ගෙට යාම ආදී ක්‍රියාකාරකම් වල නිරත වනු ඇති බවත් සියල්ලටම වඩා වැදගත්වන්නේ ජනතාවගේ ආරක්ෂාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රකාශයට පත් කර ඇති බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් එම මහතා කියා සිටියි.